උන්මත්තක
මෙම පෝස්ට් එක අපේ ගොම්බෙටි මාකටිං මැනේජර්ට නම් මහත් ආතල් ගෙන දෙන එකක් වනු ඇත.
bestweb තරඟයේදී ඉංග්‍රීසි කාණ්ඩයෙන් Joint Winners යනුවෙන් වෙබ් අඩෙවි දෙකක්ම පත්වීම අප විමතියට පත්කල තවත් කරුණක් වීය. ඒවා කවුරුත් දන්නා පරිදි www.elakiri.lk හා www.music.lk ය. අඩෙවි දෙකම පිළිබඳව එතරම් පැහැදීමක් නැතත් එම ජයග්‍රහනය පසුපසද මා දුටු අපූරු නාටකයක් තිබුණි. මූලිකම කරුණ වනුයේ මොන දහජරා වැඩේ ඇතුලේ සිද්ධ වූවද music.lk ට වඩා පිරිසක් elakiri.com සමඟ රැඳී සිටී. හේතුව අම්මලා තාත්තලාගේ සල්ලි වලින් net අරගත් පුස් teen මල්ලිලාගේ අවශ්‍යතා මැනවින් එහි ඇඩ්මින් හඳුනා ගැනීම නිසාය. කොයිලෝකෙන් කොයි දේ ගෙනත් forum එකක අතෑරියත් එල එල මචං කියා reply කිරීමට වෙලාව ඇති මාකටිං මැනේජර්ලා මොඩරේට්ර්ලා වශයෙන්ද සිටිති. forum එකේ සිදුවන වරදක් ගැන ලියූ විට මුලින් බ්ලොග් එක ප්‍රසිද්ධ කරවගන්න ලියනවා යැයි පවසා පසුව වැඩ වැරදුන පසු "මෙතන නම් බරපතල වැරැද්දක් සිදු වෙලා තියෙනවා…..!! වැරැද්දක් කර, එය පිලිනොගැනීම, බොහොමත්ම ලැජ්ජා විය යුතු කාරණයක්…..!! "ප්‍රතිචාර දක්වා මෙම බස් කොන්දොස්තරයා(මාකටිං මැනේජර) forum එකට ගොස් කල අහවල් එකක් නොමැති බවද අපි හොඳා කාරවම දනිමු.
music.lk forum එක නම් ඇල්මැරුණු ස්වභාවයේ එකකි. එහි වටා එක්වුනු පුස් ටීන් මල්ලිලා සාපේක්ෂව අඩුය. ආරම්භයේ පටන් elakiri ඉදිරියෙන් සිටීම අපට අරුමයක් නොවීය. නමුත් වරෙක elakiri අභිබවා music.lk පැමිනීම අපට කුතුහලය ගෙන දෙන්නක් විය. කෙසේ වූවද අපව තවත් පුදුම කරවමින් අවසානයේ සිදූවුයේ අඩෙවි දෙකම joint winners ලෙස නම් කිරීමයි. අප දන්නා තරමින් තේරුවේ Most Favourite Sri Lankan Websiteය. එය තේරුවේ ඡන්දයෙනි. එසේ නම් joint winners නම් කිරීමට අඩෙවි දෙකම ලබා ඇති ඡන්ද සංඛ්‍යා සම විය යුතුය. සමවූවාද සමකලාද යන සාධාරණ සැකයක් අපට උපදී. තරඟයට සහභාගී වූ අඩෙවියක තරඟ නීතිරීති උල්ලංඝනය කිරීම ගැන ගැන අප සාක්ෂි ඇතුවම .lk වසම් අධිකාරය දැනුවත් කලෙමු. එහෙත් ඒවා ගැන විමසා බලන්නට නොව ඒවාට ප්‍රතිචාර දැක්වීමට තරම්වත් .lk අධිකාරිය සදාචාරාත්මක නොවීම පිළිබඳව අප නැවතත් අපගේ පිළිකුල ප්‍රකාශ කරමු. ඇත්තෙන්ම තිරය පිටුපස සිදුවූයේ වෙනත් කතාවකි. තරඟයෙන් අදාල අඩෙවිය ඉවත් කලානම් එම අඩෙවිය .lk හා වෛර බැඳ ගනී අනෙක් අඩෙවිය නිතරඟයෙන්ම ත්‍යාගය ලබයි. ඉවත්නොකලා නම් අනෙක් අඩෙවිය .lk හා වෛර බැඳ ගනී එහෙත් තෑග්ග තනිකරම නීති උල්ලංඝනය කලවුන්ට දෙන්නටත් බැරිය. කොහෙන් ගියත් සම්මාන නොලැබුන පැත්තෙන් .lk වෙත බලවත් විරෝධය එල්ලවේ. ඒ බ්ලොග්කරුවන්ගේ විරෝධතාවය වගේ එකක් නොවන බව අපට විශ්වාසය. පසුගිය කාලයේ බ්ලොග් කරුවන්ට ඔවුන් එල්ලකල ආකාරයේ නැවත photo ගන්නට සිද්ධ වන ආකාරයේ විරෝධයක් වීම කෙසේ වෙතත් කටින් හෝ එසේ කරනු ඇත. ඒ රිලා මාක් සාමාජිකයන් විශාල ප්‍රමාණයක් බ්ලොග් සංසදයට වඩා එම අඩෙවි හා රැඳී සිටින බැවිනි. ඇඩ්මින් කියන ඕනෑම දෙයක් ඔවුන් දේව වචනය සේ අදහති. එයින් එහාට වෙනත් දෙයක් උන්ට නැත. එමනිසා තම වස්තරය බේරා ගැනීමට වසම් අධිකාරිය කලේ රැවුලත් කැඳත් බේරාගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමය.
උන්මත්තක
මේ පිළිබඳව පුන පුනා වැටෙන එකම තැටියට
වෙනස් යමක් ටැබූ අඩෙවියේ සටහන් වී තිබින. ICTA ආයතනයේ ටැබූගේ පරණ තරහාකාරයෙකු සිටිනවාදෝ සිතුනත් මේ ඒ පිළිබඳව කතාකිරීමට වෙලාව නොවේ. සංවිධායකයන් myblog.lk වෙත එවූ ලිපිය සංසදයේ google සමූහයේ පළවී තිබුණි. එම ලිපිය හා නිල ප්‍රකාශය සාමාජියකයන් 500කටත් වඩා සිටින බ්ලොග් කරුවන්ගේ සංසදය වෙනුවෙන් දෙතුන් දෙනෙකුගේ අදහස් සංසදයේ නිල ප්‍රකාශය යැයි නිකුත් වීම ගැනද සංසදයේ ඇඩ්මින්ලා කියන ඕනෑම දෙයක් හිස්මුදුනෙන් පිළිගෙන ඔවුන් පසුපස යන රිලා mark සාමාජිකයන් ගැනද අප්‍රමාණ වූ ප්‍රශ්න පැන නැගුණද මේ ඒ පිළිබඳව කතාකිරීමටද කාලය නොවේ. මා නිරීක්ෂනය කල තවත් කරුණක් වූයේ විරෝධය පිළිබඳ තැටිය නැවත වාදනය කලේ එකම එක myblog භාවිතා කරන්නෙකු පමණක් වීමයි.
ටැබූට අනුව මෙම නිවේදනය වහෙන් ඔරෝ බාසාවෙන් වෙන මොන මොනවාදෝ කියන එකකි.
රාජ්‍ය ආයතන මාර්ගයෙන් “ඊ-නිර්මාණකරුවන්ට” හෝ බ්ලොග්කරුවන්ට දෙනු ලබන්නේය කියන සම්මාන තනිකරම මගෝඩි ක්‍රියාවලියකි. මෙවන් “සම්මාන” දීම සඳහා මේ කිසිම ආයතනයකට සදාචාරාත්මක අයිතියක් නැත. අද සිංහල භාෂාවෙන් නිර්මාණය වෙමින් පවතින කිසිම ඩිජිටල් අන්තර්ගතයක් මොවුන්ගේ මැදිහත්වීමකින්, උත්තේජනයකින් ඇති වූවක් නොවේ
ටැබූගේ මෙම අදහසට මා එකඟ වූවද, වහෙන් ඔරෝ මොනවදෝ කියන බව කියන කතාවට නම් එකඟ නොවෙමි. එවැනි දෙයකට විරෝධය පළකරනවා නම් එය තරඟය පටන් ගන්නා විටම කරන්න තිබුණු දෙයකි. මෙය තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ටිකට් හා ආරාධනාපත් පිළිබඳව නැඟුනු ගැටළුවක් මිස වෙන අහවල් එකක් නොවේ. තරඟයට යොදාගෙන තිබුණු bestweb යන්නෙහි නම් වහෙන් ඔරෝ මොන මොනවාදෝ කියනවා පෙනුනි.
කවුරුත් දන්නා පරිදි මෙම තරඟයේ තේමාව Most Favourite Sri Lankan Website විය. අයැදුම් කරන්නට අඩවිය .lk විය යුතුය. එසේ නම් වෙබ් අඩවියක් ශ්‍රී ලාංකික වීමට එය .lk එකක් විය යුතුය. මෙය නම් ඉල ඇදෙන විහිළුවකි. අපි දන්නා බොහෝ ශ්‍රී ලාංකික අඩවි ඇත්තේ .com යටතේය. .lk ඩොමේනයක් සඳහා රුපියල්. 4000කට ආසන්න ප්‍රමාණයක් අයකරන බවත් ඒ මුදලින් වෙනත් ඩොමේන හතර පහක් වූවද මිලදී ගත හැකි බවද මෙම ආයතනයේ හොඳ හොඳ සෙල්ලම්ද සිදුවෙන බව තතු දන්නෝ පවසති. තරඟයේ නීතිරීතිද අපට ඇති තරම් විහිළු සැපයූ ඒවා වූ අතර ඉංග්‍රීසි කාණ්ඩයේ ඇතැම් අඩෙවි දුටුවිට තරඟයේ නිතිරීති යනුවෙන් පළවී තිබුනේ වෙනත් තරඟයක නීති රීති දැයි සිතෙනා තරමට විහිළු සහිත වීය.
හොඳම විහිළු මෙම නීතිරිතී
ජයග්‍රාහකයන් ලැයිස්තුව සමඟ බැලීමෙන් තේරුම් ගැනීම ඔබටම බාරකරමි. මේ පිළිබඳව සාක්ෂි සහිතව අප යැවූ email පණවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමට තරම්වත් .lk වසම් අධිකාරිය සදාචාරාත්මක නොවීම පිළිබඳව අපගේ බලවත් පිළිකුල ප්‍රකාශ කරමු.
● Illegal, Obscene, Abusive or preposterous content
● Sites that are in the opinion of judges deemed to be of poor quality, in bad taste or have defamatory content
● Have been deemed unsuitable for the competition by the judging panel for any other reason.
◊ Sites in any of the categories below will not be selected for the voting stage
● Abusive sites
● Websites which are considered as illegal
● Sites are in the opinion of judges as of poor quality, in bad taste or have defamatory content
● Or for any other reason unsuitable for the competition as determined by the judging panel
අවසාන වශයෙන් ටැබූ අවසන් කලාක් මෙන්ම මමද මෙසේ ලිපිය අවසන් කරනු කැමැත්තෙමි.
උන්ගේ ආච්චිලාගේ සම්මාන උන්ටම තියාගන්නට කියමු. අප මෙතෙක් කල් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කළේ උන්ගේ සම්මාන වෙනුවෙන්ද? නැත. අපි අපේ ගමන යමු. ඊට කාගෙන් හෝ කිහිලිකරු අවශ්‍ය නොවේ.
අපව කිහිලිකරුවක් කර ගැනීමටද මේ නිර්ලැජ්ජිතයන්ට ඉඩනොදෙමු.
උන්මත්තක
කූඩුවක් ඇතුලෙ හිටියෙ
දොරක් තිබ්බා
දොරෙන් එළිය බැලුවාම ලස්සන වටපිටාවක් තිබුනා
ආසාවෙන් දොරෙන් එළියට ගියා
ටිකක් ඇවිදල බැලුවමයි තේරුනේ
මාව බිත්ති හතරකින් වටවෙලා කියල
ආපහු යන්නත් බෑ
යන්න හිතෙන්නෙත් නෑ
දොරත් වැහිල
දොරට ඉබ්බෙකුත් වැටිල.....
ඔව් , මේකත් කලින් හිටිය එක වගේම කූඩුවක්
කලින් හිටියාටත් වැඩිය පොඩි එකක්
හැබැයි ලස්සනයි,බිත්ති හතර එන්න එන්න ලං වෙනව
තවත් දොරක් තියෙනව...
|
උන්මත්තක
ඉහතින් දැක්වෙන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ උදාන වාක්‍යයයි. මතට තිත තබා ඇත/තබනවා කියා කීවද මත්‍දව්‍ය වලින් ලැබෙන බදු ආදායම ඉහල ගොස් ඇති බව කියැවේය. මතට තිත තබනවා තියා උත්සාහවත් කලා නම් බදු ආදායම් වැඩි වන්නේ කෙසේද? . මතට තිත තබනවා කියා කරන්නේ හොරෙන් පෙරන කසිප්පු ඇල්ලීමය. අවසානයේ සිදුවන්නේ මත්ද්‍රව්‍යද සුඛෝපභෝගී භාණ්ඩක් වීමය. විස්කි බ්‍රැන්ඩි කවදාවත් අල්ලන්නේ නැත. ඒවා මත්ද්‍රව්‍ය නොවන්නේද?. මත් / හෙළුවැලි සැනකෙළි සඳහා රජාඅනුග්‍රහය ලැබෙන්නේ අප මහාරා
ජෝක්තමයාණෝ දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන නිසාද?එපමණක් නොව දකුණු පළාත් සභාවේ නාමයෝජනා සඳහාද කුඩු මුදලාලිලාගේ නම්ද ඉදිරිපත්වී ඇත. එබැවින් තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් කුඩු අතුරුදන්වූවහොත් පුදුම විය යුතු නැත. මතට තිත එහෙමය.
හික්කා 2009 යනු වසරක් පාසා රජාඅනුග්‍රාහය ඇතිව පැවැත්වෙන මත්පැන්/ලිංගික සැනකෙළියකි. අරමුණ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයය. සංවිධානය සංචාරක අමාත්‍යාංශයෙනි.
"දොන් නම් දොං සිමං නම් සිමං දෙකක් එකපාර බැහැ... මේ රටේ සදාචාරයයි, සභ්‍යත්වයයි, සංස්‌කෘතියයි ඔක්‌කොම පටලවාගෙන සංචාරක කර්මාන්තෙ කොරන්න බැහැ... සුද්දො ගෙන්න ගන්න නම් උන්ට ඕන ඕන දේ දෙන්න ඕන. එහෙම නැතුව ලංකාවට සුද්දෝ ගෙන්න ගන්න බැහැ. මේ ලෝකෙ හරි විවෘතයි... එහෙම කරන්න ගියොත් සුද්දො ටික වෙන රටකට යාවි..."
දිවයිනට අනුව රජයන් එසේ කීවද හික්කා සඳහා වැඩියෙන් පැමිණෙන්නේ විදෙස් සංචාරකයන් නොව දේශීය සංචාරකයින් බව තතු දන්නෝ පවසති. මෙයින්ද අති බහුතරය අවුරුදු 15-25 අතර නාගරික ඉහල පැලැන්තියේ කොල්ලො කෙල්ලෝය. බොහෝ දෙනා එන්නේ දෙමාපිය " ආශිර්වාදය " ද ඇතුවමය.බාල වයස්කාරයන්ට මත්ද්‍රව්‍ය පාවිච්චිය තහනම් වූවද හික්කා කොල්ලෝ කුරුට්ටෝ මත්වන්නේ ආරක්ෂක අංශ සපයන ආරක්ෂාවද මධ්‍යයයේය. මැති ඇමතිවරුන්ද සහභාගී වූ බවට කණින් කොනින් ඇසේ. කෙසේ වූවද පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් සීගිරිය ආශ්‍රිතව හෝටලයක් කරන්නටත් රෑට රෑට එහි බාල් නටන්නටත් එහි සේවිකාවන්ට අර "සීගිරි අප්සරාවන්ට සේ ඇඳුම් අන්දවන්නටත් ඕනෑකීවේත් ඒ අනුව කල්පනා කරමින්..."බවට චෝදනා කලේද දැන් රට කරවන අප මහ රජ්ජුරුවන්නේ පක්සයයි. එය එසේ වූවද මේ ආණ්ඩුවේද හික්කා සම්බන්ධ ප්‍රතිපත්තිය නම් පසුගිය ආණ්ඩු සේම බව ලැබී තිබෙන රාජ්‍ය අනුග්‍රහයෙන් තහවුරුවේ. සීගිරි සදාචාරය පිළිබඳව උද්ගෝෂණ කල චීවරදාරීන්ද දැන් පෝය දවසට අරලිය ගහමැදුරට "වැඩ" "මතට තිත තැබූ, කාම චිත්තරපටි තහනම් කල අපේ රජ්ජුරුවෝ" යනුවෙන් අර්ථයෙන් දහම් දේසනා කරන්නේ කිසිදු හිරිකිතයක් නැතිවමය. කාම චිත්‍රපටි තහනම් කිරීමෙන් තම ජීවනෝපාය අහිමි වූ එක් කතකට පොල් පිත්තක් තිබ්බත් දිනන මැතිවරණයකට නාම යෝජනා ලබාදී පිං පඩියක් සෙට් කරදීමට අප මහ රජාණෝ කාරුණික වී ඇත.
මතට තිත තවත් මෝඩ ජෝක් එකක් වන්නේ රූපවාහිනියෙන් මත්ද්‍රව්‍ය පෙන්වීමේදී කොටු කොටු දාන්න පටන් ගත්තාට පසුවය. එසේ වුවද දැන් සිදුවන්නේ මත් පැන් වඩියක් කටේ හලාගන්නා විටම කොටු දමා "රස නොමරා රස විඳින්න " යනුවෙන් සෝඩා ඇඩ් එකකට ඉඩකඩ සැලීමෙන්ය.
මෙය සදාචාරවාදී බ්ලොග් ලිපියක් ලෙසට කෙනෙකුට පෙනෙන්ට පුළුවන. මෙහිදි සදාචාරය ප්‍රශ්ණ කරනවාට වඩා මගේ අරමුණ වූයේ රටේ සදාචාරවත් පාලනයක් තිබෙන බවට සිහින දකිනා ෆැන්ටසිකාරයින්ට ටොක්කක් ඇනීමය.
උන්මත්තක
මගේ බ්ලොග් එකට පැමිණි ඇනොනිමස් කෙනෙකු සහ IT හැරෙන්නට වෙන මුකුත්ම නොදන්නා IT කාරයෙක් මගේ ජාතකය ගැන විමසා ඇත.
සුභපැතුම්!
මෙච්චර කල් ආදර උන්මත්තක කියලා අනුවර්ත නමකින් ලියන්න ඇත්තෙ කවදහරි ආදරේ පැරදුනොත් කියලා බයේ වෙන්නැතිනෙ..
දැන් ඉතිං ඔක්කොම හරිනෙ.. දැන්වත් ඇත්ත නමින් ලියමුද?
උන්මත්තක = පහන්
වැරදි නම් නිවැරදි කරන්න.
හරි නම් මෙම ප්‍රතිචාරය බොහෝ දුරට පළ නොවෙනු ඇත.
අන්වරථ නාම වලින් බ්ලොග් ලියන්නන්ට තර්ජන එල්ලවූ ප්‍රථම වතාව මෙය නොවේ. beyond frame, taboo, මකබාස් ට එරෙහිවද ඊනියා දේශප්‍රෙමීන්ගේ මේ අවියම එල්ලවිය. ඔවුන් ලියන දේ හරි හෝ වැරදි හෝ එකඟ වන්නා හෝ නොවන්නා හෝ ඒ අදහස්වලට විරුද්ධ නම් එය ප්‍රකාශ කිරීමට අවස්ථාව එම බ්ලොග් වලම ලබාදීඇත්තේය. එසේ ලබාදී ඇති කමෙන්ට් තීරුවේ උන‍්ගේ ජාතකය හොයන්න යන වල්බූරුවන්ට කරන දෙය යෝජනා කිරීමට පාඨක ඔබටම ආරාධනා කරමි. කරුණාකර මගේ බ්ලොග් එකට අකමැති නම් නොබලා සිටින්න. මේ මෙවැනි තර්ජනයක් මට එල්ලවූ දෙවැනි වතාවය.
පළමුවතාව
අවසාන වශයෙන් බ්ලොග් සහෘදයෙකුගේ අදහසක් මෙසේ දෙවන වතාවටත් ලියාතබමි.(මෙය දුටුවේ කොහේදීද ,ලිව්වේ කව්ද යන්න මට මතක නැත)
"කරුණාකර අදහස්වලට අදහස්වලින් පහර දෙන්න"
උන්මත්තක
ගඟක් නම් අපෙ ප්‍රේමයත්
විටෙක උතුරා යන,
විටෙක සිඳී යන,
විටෙක ගලා හැලෙන.
දිනෙක දුක් විදිමු,
පසු දිනම හිනැහෙමින්,
බාධා අපමණයි,
එකින් එක එකින් එක,
ජය ලබා සිනහ වෙමු.
ගගක් වැනි,
මහ සයුරම සෙයා යන.
ආදර උන්මත්තක මේ දවස්වල ෆුල් හැපි මූඩ් එකේ ඉන්නේ. මගේ ආදර application එකට approval එක ලැබුනා. සෑහෙන්න කාලයක් බලාගෙන හිටියා ඔය දවස එනකල්. ඒ පැත්තේ දෙමාපියනුත් දැනුවත් කලා. පස්සේ ගෙදරට මාට්ටුවෙලා හිත් රිදවීම් ඇතිකරගන්නවට වැඩිය ඒක හොඳයි නෙව. නැන්දම්මා නම් ෂේප් මාමා නං ටිකාක් විතර බරබරේ දැම්මා. දැන් නං සේරම නියුට්‍රල්. අම්මයි තාත්තයි නම් මුනගැහුනා. මස්සිනා පොඩ්ඩ තමයි තාම බලාගන්න බැරිඋනේ. පහුගිය කාලේ දෙන්නගේ ලව් එකට හරියට කරදර ආවා කවදාවත් නොහිතපු විදියට. කාලෙකට පස්සේ හරියට හිනා උනේ අද තමා. යාන්තං ඇති සේරම ගොඩ. දැන් ඉතිං මගේ පැත්ත තමා ගොඩ දාගන්න තියෙන්නේ.
උන්මත්තක
ඇම්ඩන්: මේ පුළුවන් තරම් බ්ලොග් කොපි කරලා සයිට් එකේ දාපියව්. එතකොට තමා සයිට් එකට වැඩි වැඩියෙන් සෙනඟ එන්නේ. මම දැක්කත් නොදැක්කා වගේ ඉන්නං.උඹල පුළුවන් තරම් ජාතික කොඩිය ඉස්සරහට දාපල්ලා. බලාපං එතකොට කොච්චර දේශප්‍රේමී පාටද කියලා.
ගොම්බෙටි මාකටිං මැනේජර නොහොත් සූකර රජා : ඒවා රිපෝට් කරන්නත් ගොම්බෙටියේ රෙජිස්තර වෙන්න ඕන කියල පොලීසියක් හදාගමු. එතකොට තවත් එවුන් රෙජිස්තර් වෙයි.
ගොන්වස්සා : හරි හරි බොස් අපි දෙන්නාං එලටම. ඒක නෙවෙයි බොස් නැද්ද මාරු කාසි එහෙම.
වහුපැටියා: එතකොට බ්ලොග්කාරයෝ කෑගහුවොත් මොකද කරන්නේ.
ගොම්බෙටි මාකටිං මැනේජර නොහොත් සූකර රජා : ඕවත් වැඩද මල්ලි. අපේ සයිට් එකට ඉරිසියාවෙන් උන්ම බ්ලොග් එක කොපිකරගෙන උන්ම කෑගහනවා කියල කියමු. ඇම්ඩන්ට කිව්වා කිව්වොත් ඒවත් බොරු කියල කියමු.
ගොන්වස්සා: ඒකත් හරිනොගියොත් උන්ගේ අඬු කඩනවා කියමු. දනින් වැටී ජීවත් වෙනවට වඩා සටන් කර මියයාම හොඳයි කියල චේ ගුවේර කියල අයිය කෙනෙක් කියල තියෙනවලු. ඒක නෙවෙයි බං පව් නේද දුස්සන්ත. මයිකල් ජැක්සන් මැරුන කිව්වාම මිනිහට වාව ගන්න බැරි වෙලා TV එකෙත් අඬනවා. පව් බං දුස්සන්ත මට දුකේ බෑ. ඌ නං සිරා කොල්ලෙක් බං.
වහුපැටියා: කව්ද බං චේ ගුවේරා කිව්වේ.
ඇම්ඩන්: අයියෝ වහු පැටියෝ ඕකවත් දන්නෙ නැද්ද ඔය චේ ගුවේරත් මැරෙනකල්ම ගොම්බෙටියෙ සාමාජිකයෙක්. එලකොල්ලෙක් තමා ඕන ගේමකට රෙඩි. මමයි ඌට සිංහල ටයිපිං පුරුදු කලෙත්.
ගොම්බෙටි මාධ්‍ය ප්‍රකාශක: අපේ දේශප්‍රේමය දරාගන්න බැරි එවුන් බං මුං. අපේ ගොම්බෙට් පවුල කඩාඉහිරවන්න හදනවා. ඉහි... ඉහි... . මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මං මේ ගැන UN එකෙත් කතා කරන්නයි ඉන්නේ.
වහුපැටියා: අපේ ගොම්බෙටි පවුලේ එවුන් මේක ගැන කතාකරන්න ආවොත්?
ගොම්බෙටි මාධ්‍ය ප්‍රකාශක: ඒවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වහුපැටියෝ. අපි අපේ තණකොළ ටික කාගෙන ඉමු මචං. බැරිම උනොත් සූකරගේ බස් එකේ ගිහින් දෙමු ගේමක්.
බ්ලොග්කරුවෙකුට තර්ජනය කිරිමට පෙර නැවතත් සිතාබලන්න. කඩුවෙන් කල නොහැකි බොහෝ දෑ පෑනෙන් කල හැකිය.