උන්මත්තක
මෙම පෝස්ට් එක අපේ ගොම්බෙටි මාකටිං මැ‍නේජර්ට නම් මහත් ආතල් ගෙන දෙන එකක් වනු ඇත.
bestweb තර‍ඟයේදී ඉංග්‍රීසි කාණ්ඩයෙන් Joint Winners යනුවෙන් වෙබ් අඩෙවි දෙකක්ම පත්වීම අප විමතියට පත්කල තවත් කරුණක් වීය. ඒවා කවුරුත් දන්නා පරිදි www.elakiri.lk හා www.music.lk ය. අඩෙවි දෙකම පිළිබඳව එතරම් පැහැදීමක් නැතත් එම ජයග්‍රහනය පසුපසද මා දුටු අපූරු නාටකයක් තිබුණි. මූලිකම කරුණ වනුයේ මොන දහජරා වැඩේ ඇතුලේ සිද්ධ වූවද music.lk ට වඩා පිරිසක් elakiri.com සමඟ රැඳී සිටී. හේතුව අම්මලා තාත්තලාගේ සල්ලි වලින් net අරගත් පුස් teen මල්ලිලාගේ අවශ්‍යතා ‍මැනවින් එහි ඇඩ්මින් හඳුනා ගැනීම නිසාය. ‍කොයිලෝකෙන් කොයි දේ ගෙනත් forum එකක අතෑරියත් එල එල මචං කියා reply කිරීමට වෙලාව ඇති මාකටිං මැනේජර්ලා මොඩරේට්ර්ලා වශයෙන්ද සිටිති. forum එකේ සිදුවන වරදක් ගැන ලියූ විට මුලින් බ්ලොග් එක ප්‍රසිද්ධ කරවගන්න ලියනවා යැයි පවසා පසුව වැඩ වැරදුන පසු "මෙතන නම් බරපතල වැරැද්දක් සිදු වෙලා තියෙනවා…..!! වැරැද්දක් කර, එය පිලිනොගැනීම, බොහොමත්ම ලැජ්ජා විය යුතු කාරණයක්…..!! "ප්‍රතිචාර දක්වා මෙම බස් කොන්දොස්තරයා(මාකටිං මැනේජර) forum එකට ගොස් කල අහවල් එකක් නොමැති බවද අපි හොඳා කාරවම දනිමු.
music.lk forum එක නම් ඇල්මැරුණු ස්වභාවයේ එකකි. එහි වටා එක්වුනු පුස් ටීන් මල්ලිලා සාපේක්ෂව අඩුය. ආරම්භයේ පටන් elakiri ඉදිරියෙන් සිටීම අපට අරුමයක් නොවීය. නමුත් වරෙක elakiri අභිබවා music.lk පැමිනීම අපට කුතුහලය ගෙන දෙන්නක් විය. කෙසේ වූවද අපව තවත් පුදුම කරවමින් අවසානයේ සිදූවුයේ අඩෙවි දෙකම joint winners ලෙස නම් කිරීමයි. අප දන්නා තරමින් තේරුවේ Most Favourite Sri Lankan Websiteය. එය තේරුවේ ඡන්දයෙනි. එසේ‍ නම් joint winners නම් කිරීමට අඩෙවි දෙකම ලබා ඇති ඡන්ද සංඛ්‍යා සම විය යුතුය. සමවූවාද සමකලාද යන සාධාරණ සැකයක් අපට උපදී. ‍තරඟයට සහභාගී වූ අඩෙවියක තරඟ නීතිරීති උල්ලංඝනය කිරීම ගැන ගැන අප සාක්ෂි ඇතුවම .lk වසම් අධිකාරය දැනුවත් කලෙමු. එහෙත් ඒවා ගැන විමසා බලන්නට ‍නොව ඒවාට ප්‍රතිචාර දැක්වීමට තරම්වත් .lk අධිකාරිය සදාචාරාත්මක නොවීම පිළිබඳව අප නැවතත් අපගේ පිළිකුල ප්‍රකාශ කරමු. ඇත්තෙන්ම තිරය පිටුපස සිදුවූයේ වෙනත් කතාවකි. තරඟයෙන් අදාල අඩෙවිය ඉවත් කලානම් එම අඩෙවිය .lk හා වෛර බැඳ ගනී අනෙක් අඩෙවිය නිතරඟයෙන්ම ත්‍යාගය ලබයි. ඉවත්නොකලා නම් අනෙක් අඩෙවිය .lk හා වෛර බැඳ ගනී එහෙත් තෑග්ග තනිකරම නීති උල්ලංඝනය කලවුන්ට දෙන්නටත් බැරිය. කොහෙන් ගියත් සම්මාන නොලැබුන පැත්තෙන් .lk වෙත බලවත් විරෝධය එල්ලවේ. ඒ බ්ලොග්කරුවන්ගේ විරෝධතාවය වගේ එකක් නොවන බව අපට විශ්වාසය. පසුගිය කාලයේ බ්ලොග් කරුවන්ට ඔවුන් එල්ලකල ආකාරයේ නැවත photo ගන්නට සිද්ධ වන ආකාරයේ විරෝධයක් වීම කෙසේ වෙතත් කටින් හෝ එසේ කරනු ඇත. ඒ රිලා මාක් සාමාජිකයන් විශාල ප්‍රමාණයක් බ්ලොග් සංසදයට වඩා එම අඩෙවි හා රැඳී සිටින බැවිනි. ඇඩ්මින් කියන ඕනෑම දෙයක් ඔවුන් දේව වචනය සේ අදහති. එයින් එහාට වෙනත් දෙයක් උන්ට නැත. එමනිසා තම වස්තරය බේරා ගැනීමට වසම් අධිකාරිය කලේ රැවුලත් කැඳත් බේ‍රාගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමය.
උන්මත්තක
මේ පිළිබඳව පුන පුනා වැටෙන එකම තැටියට වෙනස් යමක් ටැබූ අඩෙවියේ සටහන් වී තිබින. ICTA ආයතනයේ ටැබූගේ පරණ තරහාකාරයෙකු සිටිනවාදෝ සිතුනත් මේ ඒ පිළිබඳව කතාකිරීමට වෙලාව නොවේ. සංවිධායකයන්‍ myblog.lk වෙත එවූ ලිපිය සංසදයේ google සමූහයේ පළවී තිබුණි. එම ලිපිය හා නිල ප්‍රකාශය සාමාජියකයන් 500කටත් වඩා සිටින බ්ලොග් කරුවන්ගේ සංසදය වෙනුවෙන් දෙතුන් දෙනෙකුගේ අදහස් සංසදයේ නිල ප්‍රකාශය යැයි නිකුත් වීම ගැනද සංසදයේ ඇඩ්මින්ලා කියන ඕනෑම දෙයක් හිස්මුදුනෙන් පිළිගෙන ඔවුන් පසුපස යන රිලා mark සාමාජිකයන් ගැනද අප්‍රමාණ වූ ප්‍රශ්න පැන නැගුණද ‍මේ ඒ පිළිබඳව කතාකිරීමටද කාලය නොවේ. මා නිරීක්ෂනය කල තවත් කරුණක් වූයේ විරෝධය පිළිබඳ තැටිය නැවත වාදනය කලේ එකම එක myblog භාවිතා කරන්නෙකු පමණක් වීමයි.
ටැබූට අනුව මෙම නිවේදනය වහෙන් ඔරෝ බාසාවෙන් වෙන මොන මොනවාදෝ කියන එකකි.
රාජ්‍ය ආයතන මාර්ගයෙන් “ඊ-නිර්මාණකරුවන්ට” හෝ බ්ලොග්කරුවන්ට දෙනු ලබන්නේය කියන සම්මාන තනිකරම මගෝඩි ක්‍රියාවලියකි. මෙවන් “සම්මාන” දීම සඳහා මේ කිසිම ආයතනයකට සදාචාරාත්මක අයිතියක් නැත. අද සිංහල භාෂාවෙන් නිර්මාණය වෙමින් පවතින කිසිම ඩිජිටල් අන්තර්ගතයක් මොවුන්ගේ මැදිහත්වීමකින්, උත්තේජනයකින් ඇති වූවක් නොවේ
ටැබූගේ මෙම අදහසට මා එකඟ වූවද, වහෙන් ඔරෝ මොනවදෝ කියන බව කියන කතාවට නම් එකඟ නොවෙමි. එ‍වැනි‍ දෙයකට විරෝධය පළකරනවා නම් එය තරඟය පටන් ගන්නා විටම කරන්න තිබුණු දෙයකි. මෙය තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ටිකට් හා ආරාධනාපත් පිළිබඳව නැඟුනු ගැටළුවක් මිස වෙන අහවල් එකක් නොවේ. තරඟයට යොදාගෙන තිබුණු bestweb යන්නෙහි නම් වහෙන් ඔරෝ මොන මොනවාදෝ කියනවා පෙනුනි.

කවුරුත් දන්නා පරිදි මෙම තරඟයේ තේමාව Most Favourite Sri Lankan Website විය. අයැදුම් කරන්නට අඩවිය .lk විය යුතුය. එසේ නම් වෙබ් අඩවියක් ශ්‍රී ලාංකික වීමට එය .lk එකක් විය යුතුය. මෙය නම් ඉල ඇදෙන විහිළුවකි. අපි දන්නා බොහෝ ශ්‍රී ලාංකික අඩවි ඇත්තේ .com යටතේය. .lk ඩොමේනයක් සඳහා රුපියල්. 4000කට ආසන්න ප්‍රමාණයක් අයකරන බවත් ඒ මුදලින් වෙනත් ඩොමේන හතර පහක් වූවද මිලදී ගත හැකි බවද මෙම ආයතනයේ හොඳ හොඳ සෙල්ලම්ද සිදුවෙන බව තතු දන්නෝ පවසති. තරඟයේ නීතිරීතිද අපට ඇති තරම් විහිළු සැපයූ ඒවා වූ අතර ඉංග්‍රීසි කාණ්ඩයේ ඇතැම් අඩෙවි දුටුවිට තරඟයේ නිතිරීති යනුවෙන් පළවී තිබුනේ වෙනත් තරඟයක නීති රීති දැයි සිතෙනා තරමට විහිළු සහිත වීය.
හොඳම විහිළු මෙම නීතිරිතී ජයග්‍රාහකයන් ලැයිස්තුව සමඟ බැලීමෙන් ‍තේරුම් ගැනීම ඔබටම බාරකරමි. මේ පිළිබඳව සාක්ෂි සහිතව අප යැවූ email පණවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමට තරම්වත් .lk වසම් අධිකාරිය සදාචාරාත්මක ‍නොවීම පිළිබඳව අපගේ බලවත් පිළිකුල ප්‍රකාශ කරමු.
● Illegal, Obscene, Abusive or preposterous content
● Sites that are in the opinion of judges deemed to be of poor quality, in bad taste or have defamatory content
● Have been deemed unsuitable for the competition by the judging panel for any other reason.

◊ Sites in any of the categories below will not be selected for the voting stage

● Abusive sites
● Websites which are considered as illegal
● Sites are in the opinion of judges as of poor quality, in bad taste or have defamatory content
● Or for any other reason unsuitable for the competition as determined by the judging panel

අවසාන වශයෙන් ටැබූ අවසන් කලාක් මෙන්ම මමද මෙසේ ලිපිය අවසන් කරනු කැමැත්තෙමි.
උන්ගේ ආච්චිලාගේ සම්මාන උන්ටම තියාගන්නට කියමු. අප මෙතෙක් කල් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කළේ උන්ගේ සම්මාන වෙනුවෙන්ද? නැත. අපි අපේ ගමන යමු. ඊට කාගෙන් හෝ කිහිලිකරු අවශ්‍ය නොවේ.
අපව කිහිලිකරුවක් කර ගැනීමටද මේ නිර්ලැජ්ජිතයන්ට ඉඩනොදෙමු.

වර්ගය: 21 ක් පිළිතුරු | | edit post
කොහොමද ලියුම?: