උන්මත්තක
මේ පිළිබඳව පුන පුනා වැටෙන එකම තැටියට වෙනස් යමක් ටැබූ අඩෙවියේ සටහන් වී තිබින. ICTA ආයතනයේ ටැබූගේ පරණ තරහාකාරයෙකු සිටිනවාදෝ සිතුනත් මේ ඒ පිළිබඳව කතාකිරීමට වෙලාව නොවේ. සංවිධායකයන්‍ myblog.lk වෙත එවූ ලිපිය සංසදයේ google සමූහයේ පළවී තිබුණි. එම ලිපිය හා නිල ප්‍රකාශය සාමාජියකයන් 500කටත් වඩා සිටින බ්ලොග් කරුවන්ගේ සංසදය වෙනුවෙන් දෙතුන් දෙනෙකුගේ අදහස් සංසදයේ නිල ප්‍රකාශය යැයි නිකුත් වීම ගැනද සංසදයේ ඇඩ්මින්ලා කියන ඕනෑම දෙයක් හිස්මුදුනෙන් පිළිගෙන ඔවුන් පසුපස යන රිලා mark සාමාජිකයන් ගැනද අප්‍රමාණ වූ ප්‍රශ්න පැන නැගුණද ‍මේ ඒ පිළිබඳව කතාකිරීමටද කාලය නොවේ. මා නිරීක්ෂනය කල තවත් කරුණක් වූයේ විරෝධය පිළිබඳ තැටිය නැවත වාදනය කලේ එකම එක myblog භාවිතා කරන්නෙකු පමණක් වීමයි.
ටැබූට අනුව මෙම නිවේදනය වහෙන් ඔරෝ බාසාවෙන් වෙන මොන මොනවාදෝ කියන එකකි.
රාජ්‍ය ආයතන මාර්ගයෙන් “ඊ-නිර්මාණකරුවන්ට” හෝ බ්ලොග්කරුවන්ට දෙනු ලබන්නේය කියන සම්මාන තනිකරම මගෝඩි ක්‍රියාවලියකි. මෙවන් “සම්මාන” දීම සඳහා මේ කිසිම ආයතනයකට සදාචාරාත්මක අයිතියක් නැත. අද සිංහල භාෂාවෙන් නිර්මාණය වෙමින් පවතින කිසිම ඩිජිටල් අන්තර්ගතයක් මොවුන්ගේ මැදිහත්වීමකින්, උත්තේජනයකින් ඇති වූවක් නොවේ
ටැබූගේ මෙම අදහසට මා එකඟ වූවද, වහෙන් ඔරෝ මොනවදෝ කියන බව කියන කතාවට නම් එකඟ නොවෙමි. එ‍වැනි‍ දෙයකට විරෝධය පළකරනවා නම් එය තරඟය පටන් ගන්නා විටම කරන්න තිබුණු දෙයකි. මෙය තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ටිකට් හා ආරාධනාපත් පිළිබඳව නැඟුනු ගැටළුවක් මිස වෙන අහවල් එකක් නොවේ. තරඟයට යොදාගෙන තිබුණු bestweb යන්නෙහි නම් වහෙන් ඔරෝ මොන මොනවාදෝ කියනවා පෙනුනි.

කවුරුත් දන්නා පරිදි මෙම තරඟයේ තේමාව Most Favourite Sri Lankan Website විය. අයැදුම් කරන්නට අඩවිය .lk විය යුතුය. එසේ නම් වෙබ් අඩවියක් ශ්‍රී ලාංකික වීමට එය .lk එකක් විය යුතුය. මෙය නම් ඉල ඇදෙන විහිළුවකි. අපි දන්නා බොහෝ ශ්‍රී ලාංකික අඩවි ඇත්තේ .com යටතේය. .lk ඩොමේනයක් සඳහා රුපියල්. 4000කට ආසන්න ප්‍රමාණයක් අයකරන බවත් ඒ මුදලින් වෙනත් ඩොමේන හතර පහක් වූවද මිලදී ගත හැකි බවද මෙම ආයතනයේ හොඳ හොඳ සෙල්ලම්ද සිදුවෙන බව තතු දන්නෝ පවසති. තරඟයේ නීතිරීතිද අපට ඇති තරම් විහිළු සැපයූ ඒවා වූ අතර ඉංග්‍රීසි කාණ්ඩයේ ඇතැම් අඩෙවි දුටුවිට තරඟයේ නිතිරීති යනුවෙන් පළවී තිබුනේ වෙනත් තරඟයක නීති රීති දැයි සිතෙනා තරමට විහිළු සහිත වීය.
හොඳම විහිළු මෙම නීතිරිතී ජයග්‍රාහකයන් ලැයිස්තුව සමඟ බැලීමෙන් ‍තේරුම් ගැනීම ඔබටම බාරකරමි. මේ පිළිබඳව සාක්ෂි සහිතව අප යැවූ email පණවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමට තරම්වත් .lk වසම් අධිකාරිය සදාචාරාත්මක ‍නොවීම පිළිබඳව අපගේ බලවත් පිළිකුල ප්‍රකාශ කරමු.
● Illegal, Obscene, Abusive or preposterous content
● Sites that are in the opinion of judges deemed to be of poor quality, in bad taste or have defamatory content
● Have been deemed unsuitable for the competition by the judging panel for any other reason.

◊ Sites in any of the categories below will not be selected for the voting stage

● Abusive sites
● Websites which are considered as illegal
● Sites are in the opinion of judges as of poor quality, in bad taste or have defamatory content
● Or for any other reason unsuitable for the competition as determined by the judging panel

අවසාන වශයෙන් ටැබූ අවසන් කලාක් මෙන්ම මමද මෙසේ ලිපිය අවසන් කරනු කැමැත්තෙමි.
උන්ගේ ආච්චිලාගේ සම්මාන උන්ටම තියාගන්නට කියමු. අප මෙතෙක් කල් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කළේ උන්ගේ සම්මාන වෙනුවෙන්ද? නැත. අපි අපේ ගමන යමු. ඊට කාගෙන් හෝ කිහිලිකරු අවශ්‍ය නොවේ.
අපව කිහිලිකරුවක් කර ගැනීමටද මේ නිර්ලැජ්ජිතයන්ට ඉඩනොදෙමු.

වර්ගය: | edit post
කොහොමද ලියුම?: 
21 Responses
  1. Soosthigune Says:

    next best post and and a different view. very good post. cant believe this is you! brilliant!


  2. මුන් මහා ලෝක හොරුය. Alexa rank හි http://www.ElaKiri.lk සමග අහලකවත් නැති සයිට් එකක්ද, Joint Winners ලෙස නම් කර ඇත. එයින්ම මුන්ගේ හෙළුව පෙනේ. ලංකාවේ දැනට 9 වෙනි ස්ථානයේ සිටිනා http://www.ElaKiri.com සමග ඒ අහලකවත් නැති සයිට් එකක් Joint Winners වී තිබේ.


  3. වහෙන් ඔරෝ කිව්වේ ඒ කිසිවකු ගිහාන් ඩයස්ගේ නම භාවිතා කරන්නට තරම් නිර්භීත නොවූ නිසාය. ගිහාන් ඩයස්ව විවේචනය කරන්නේ නම් ඔහුගේ නම පාවිච්චියට ඔය තරම් බය ඇයි?


  4. Soosthigune, thank you. save some words for my next post ;).
    urj, මා දන්නා තරමින් මෙය alexa මඟින් පවත්වන තරඟයක් නොවේ. Joint Winners නම් කිරීමෙන් මුන්ගේ හෙළුව පෙනනු බව සෑබෑය ඒත් ඒ ඔබ සිහින දකිනා ආකාරයට නොවේ. elakiri ජයග්‍රහනය කිරීම ගැන ඔබේ බ්ලොග් එකේ ලියැවෙනවා නම් අප කැමතිය. ඒ ඉඳලා හිටලා හෝ බ්ලොග් කියවනයේ විහිළුද දැකීමට අපි ආසා කරන නිසාය.
    taboo, ගිහාන් ඩයස් ගැන වෙන කිසිවෙකුත් කතාකරන්නෙ නැත. ඉතිරිව ඇත්තේ ඔබත් මාත් ඇතුළු නිර්නාමික බ්ලොග්කරුවන් පමණි. ඔබගේ නිර්භීතකම අගය කරමි.


  5. Anonymous Says:

    .LK වසම් අධිකාරිය පෞද්ගලික ආයතනයක්. (LK DOMAIN REGISTRY is a company re-registered under the Companies Act, No. 7 of 2007.)

    .LK වසම් විකිනීම ඔවුන් අදායම ලබන මාර්ගයක්.

    ඒ නිසා, එයාල මේ වගේ .lk වසම් අතර තරඟයක් පවත්වලා තෑගි දෙන එකේ වැ‍රැද්ද මොකක් ද? (ටැබූත් මේක වැ‍රැද්දක් කිව්වට, මොන පදනමකින් ද කියල කිව්වෙ නැහැ )

    නෙස්ලේ සමාගමට හරි ඇන්කර් සමාගමට හරි ලංකවේ ලමයින් අතරින් හොඳම චිත්‍රය කිරි පිටි පැකට්‍ටුවක ලේබලයත් එක්ක එවන ලමයට තෑගි දෙන්න අයිතියක් තියනව නං, මෙයාලට ඒක නැති වෙන්නෙ මොන පදනමින් ද?

    (මේක ටැබු ගෙනුත් ඇසිය යුතු ප්‍රශ්නයක් වුනත් නොඅහන්නෙ, ටැබු විරුද්ධ අදහස් තියන comment සැලකිය යුතු ප්‍රමාණයක් පල කරන්නෙ නැති නිසා. මගේ කලින් ඒවා කීපයකට එහෙම වුනා)


  6. Anonymous Says:

    ජයග්‍රාහකයන්ට තෑගි ගන්න ඕන නං සල්ලි දීල ටිකට් අරං එන්න කියන එක හරි නැති වැඩක්, ඒ බවක් කලින් නොකිව්ව නං. කලිං කිව්වෙ මොකක් ද? ජයග්‍රාහකයො ‍තෝරනවා කියල නෙ. තෑගි දෙන බවකුත් කිව්වද? එහෙම කිව්වෙ නැති නං, උත්සවයක් තියල තෑගි දෙන එක පස්සෙ ගත්ත තීරණයක් වෙන්න ඇති. එහෙම නං, සල්ලි දීල ටිකට් අරං තෑගි ගන්න එන්න කියන එකෙත් වැ‍රැද්දක් පේන්නෙ නැහැ, සදාචාරාත්මක ගැටළුවක් ඇරෙන්නෙ. කොහොමත් ජයග්‍රාහකයො ‍තෝරල ප්‍රසිද්ධ කරනව නං සහ ඒ අතරින් සල්ලි දීල ටිකට් ගන්න කැමැති ජයග්‍රාහකයෝන්ට තෑගිත් දෙනව නං, වැ‍රැද්දක් නැහැ නෙ.

    හැබැයි කලින් කිව්වෙ නං දිනන අයට තෑගි දෙනවා කියල, දැන් කියනව නං, මුලින් ටිකට් අරං එන්න ඕන කියල, ඒක නං වැරදි වැඩක්.


  7. Anonymous Says:

    ‍best personal web site එකට තාම කවුරුවත් නැත්තේ ඒකට .lk sites නැති නිසා ද ?
    මළ කෙළියයි. ජනාධිපතිතුමාගේ site එකත් MahindaRajapaksa.com.

    ආචාරිය ගිහාන් මේ බව දැනගෙන හිටියේ නැද්ද?


  8. 1 වෙනි anonymous ,

    "එයාල මේ වගේ .lk වසම් අතර තරඟයක් පවත්වලා තෑගි දෙන එකේ වැ‍රැද්ද මොකක් ද? " වැරැද්ද නේද? .lk වසම තියෙන්නෙ මුළු ලංකාවටම. ඒක කීපදෙනෙක්ගේ බූදලයක් නෙවෙයි. .lk කියන්නෙ ලංකාවටම වෙන්වූ ඩොමේන් නාමය. මේ හෙළුවැල්ලන්ට සදාචාරාත්මක අයිතියක් තියෙනවද ශ්‍රීලාංකික කියන්නෙ .lk කියන්න?
    තරඟය පවත්වපු විදිය ගැනත් ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ ගැන තවත් ඊළග සටහනෙන් ලියන්නම්.
    taboo දක්වපු හේතුව "තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය හා .lk වසම් අධිකාරිය “ඊ-නිර්මාණකරුවන්ට”, බ්ලොග්කරුවන්ට “සම්මාන” දීමට මැදිහත් වන්නේ එකම හේතුවක් නිසාය. ඒ දැනට වර්ධනය වෙමින් පවතින සිංහල ඩිජිටල් අන්තර්ගතයන් පිළබඳ ගෞරවයෙන් කොටසක් තමන් ඩැහැ ගැනීම සඳහාය. මේ නිර්ලජ්ජිත ක්‍රියාවලියකි. තමන්ගේ කිසිම සම්මාදමකින් තොරව අනුන් කළ දෙයක ගෞරවය ගැනීමට කැස කවන්නෝ අපේ පිළිකුලට මිස ගෞරවයට පාත්‍ර වෙත්ද?"


  9. 2වෙනි anonymous, "ජයග්‍රාහකයන්ට තෑගි ගන්න ඕන නං සල්ලි දීල ටිකට් අරං එන්න කියන එක හරි නැති වැඩක්" ඔයා email එක කියවල නෑ වගේ. එහෙන් මෙහෙන් අහුලගත්තු ඒවා අල්ලගෙන කෑගහන්න එපා. myblog එකට තෑගි නැහැ සහතික විතරයි. ‍ඒකෙ මෙහෙම කතාවක් තියෙනවා "Please note that you will have to purchase tickets for the awards
    ceremony or you can collect the certificate from the LK Domain
    Registry office from 23rd Nov during office hours" පළවෙනි තැන ගත්තු අයට නම් ආරාධනාපත් ලැබිලා තියෙන මගේ බ්ලොග් මිතුරෙක් මඟින් ආරංචි දැනගත්තා.
    මම රිලා මාක් සාමාජිකයන් කිව්වෙ ඔබතුමා වගේ අයට තමයි.


  10. 3වෙනි anonymous, .lk අයිතිකාර‍ සමාගම කියන විදියට ඕක ශ්‍රීලාංකික සයිට් එකක් වෙන්න බෑ. ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂ කියන්නෙ ශ්‍රීලාංකිකයෙක් නෙවෙයිද? මළා. මෙන්න අපේ ජනාධිපතිතුමාට අපහාස කර‍නවෝ.


  11. මෙය alexa මගින් පවත්වන තරගයක් නොවන බව මමද දනිමි. ඔබ, මා කියූ දෙය වරදවා වටහා ගත්තාට, මට කල හැකි යමක් නැත. එළකිරි ජයග්‍රහණය ගැන ඔබ අසතුටු බවද මම හොදාකාරවම දනිමි. ඔබට එළකිරි අගුණ බව මට අමතක වුනි. එබැවින් මා දැමූ කමෙන්ටු සියල්ල මකා දමන ලෙස ඉල්ලමි.


  12. @Anonymous : November 18, 2009 11:07 AM,

    ප්‍රශ්න වලින් පැනයාම මගේ සිරිත නොවන නිසා උත්තර දෙමි.

    1. Dot lk වසම රටේ, ජාතික ධජය, ජාතික ගීය සේ පොදු වස්තුවකි. කාටවත් එය තමන්ගේ පුද්ගලික වස්තුවක් කර ගැනීමට බැරිය. කවුරුන් හෝ එය තමන්ගේ පුද්ගලික වස්තුවක් කරගෙන ඇත්නම් ඒ පුද්ගලයා කරන්නේ මහජන මුදල් කොල්ල කෑමකි.

    2. පුද්ගලික ආයතනයකින් කළත් 'ජනප්‍රියතම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය' කියා dot lk අඩවි පමණක් 'ශ්‍රී ලාංකික අඩවි' කියා නම් කරන්නට මේ පුද්ගලයාට බලය දී ඇත්තේ කවුද? කවුදෝ කලින් ලියා ඇතිසේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අඩවියද ශ්‍රී ලාංකික අඩවියක් නොවේද?


  13. Anonymous Says:

    < quote >
    .lk වසම තියෙන්නෙ මුළු ලංකාවටම. ඒක කීපදෙනෙක්ගේ බූදලයක් නෙවෙයි.
    .lk කියන්නෙ ලංකාවටම වෙන්වූ ඩොමේන් නාමය.
    මේ හෙළුවැල්ලන්ට සදාචාරාත්මක අයිතියක් තියෙනවද ශ්‍රීලාංකික කියන්නෙ .lk කියන්න?
    < end quote >

    LK වසම් අධිකාරය පෞද්ගලික කොම්පැනියක්. වෙන රට වලත් වසම් අධිකාරයන් පුද්ගලික කොම්පැනි කාරයො තමයි කරන්නෙ. එහෙම නොවෙන රටවලුත් සමහර විට ඇති. ඔයාට ඒ ගැන තියන ගැටලු, මේ තර‍ඟේ එක්ක පටල ගෙන තියෙන්නෙ.

    ඕනෑම ආයතනයකට තමන් කැමති පරිදි කොන්දේසි දාල, තරඟ පවත්වලා ජයග්‍රාහකයන් නම් කරන්න නිදහස තියනවා නෙ. .LK වසම් අධිකාරයටත් ඒ හිමි කම තියනවා. ඔයාම පිලිගන්න ආකාරයට ".lk වසම තියෙන්නෙ මුළු ලංකාවටම. .lk කියන්නෙ ලංකාවටම වෙන්වූ ඩොමේන් නාමය. ". ඒ නිසා. .lk විකුණන කට්ටිය, most favourite Sri Lankan website එක ‍තෝරන තරඟය, .lk ඩොමේන් වලට සීමා කිරීමේ වැ‍රැද්ද මොකක් ද? සල්ලිත් එයාලගේ, කොන්දේසිත් එයාලගෙ. ජනප්‍රියම සිනමා තරුව හරි, ක්‍රීඩකය හරි ‍තෝරන තරඟ වල තියෙන්නෙ නා නා ප්‍රකාට කොන්දේසි, අහවල් පත්තරේන් ගත්ත කූපන් එකක් එක්ක චන්දෙ එවන්න, අහවල් සබන් දවටනයත් එක්ක චන්දෙ එවන්න කියලා. මේකත් ඒ වගේ. .lk ඩොමේන් දවටනයත් එක්ක, වෙබ් සයිට් ඉදිරි පත් කරන්න කියලා කොන්දේසියක් තියනවා.

    ඔයාට මේක තේරෙන්නෙ නැත්තං, මං කලිං දීපු ඇන්කර් උදාහරනෙ තේරුං ගන්න බලන්න. ඇන්කර් ආයතනය ලමයින්ට චිත්‍ර එවන්න කියනවා, ඇන්කර් පෙට්ටි කවරත් එක්ක. එහෙම එවන චිත්‍ර වලින් හොඳම එකට, ඇන්කර් සමාගම "ලංකාවේ හොඳම ලමා සිත්තරා" කියලා සම්මානයක් දෙනවා. මේ වගේ තරඟ කොච්චර නං තියනවද. තරඟ පවත්වන කොම්පැනි තමන්ටත් වාසියක් වෙන්න තමයි එහෙම කරන්නෙ කියන එක උන්මන්තකයෙකුට වුනත් වැටහෙන දෙයක් නෙ.

    මොන ජාතියෙන් හරි, .lk වසම් අධිකාරය පෞද්ගලික කොම්පැනියක්. එයාල සල්ලි වියදම් කරල තරඟ තියනකොට, මොන මොන කොන්දේසි ද දන්නෙ කියන එකත් එයාලගේ අයිතියක්. ඔයාගෙ හරි, පොදුවෙ මහජනයාට අයිති සල්ලි හරි නෙවෙයි නෙ එයාල වියදං කරන්නෙ. එයාලගේ සල්ලි. කොන්දේසිත් එයාලගෙ.

    ඔයාටත් ඕන නං ඔයාගේ සල්ලි වියදං කරලා ඔයා කැමැති සම්මානයක් දෙන එකට, වෙන අය විරුද්ද වෙන එකක් නැහැ.


  14. පපං Says:

    සහතික ඇත්ත කොල්ලො. හොඳම බබා සයිට් තේරීමේ තරඟය.


  15. Anonymous Says:

    taboosubjects,

    --ප්‍රශ්න වලින් පැනයාම මගේ සිරිත නොවන නිසා උත්තර දෙමි.--

    ටැබූ, ඒ ගැන නං කියලා වැඩක් නැහැ. ඔයාගේ සයිට් එකේ ඔයාගේ අදහස් විවෙචනය කරල දාන කමෙන්ට් වලින් වැඩි හරියක් ඔය ඵල කරන්නෙ නැහැ. ඕක මට වෙලා තියන දෙයක්. මං විතරක් නෙවෙයි තවත් කට්ටිය ඕක කියනවා.

    --පුද්ගලික ආයතනයකින් කළත් 'ජනප්‍රියතම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය' කියා dot lk අඩවි පමණක් 'ශ්‍රී ලාංකික අඩවි' කියා නම් කරන්නට මේ පුද්ගලයාට බලය දී ඇත්තේ කවුද? --

    එසේ බලය ලබා දෙන්නෙ ඒ පුද්ගලයාගේ හෝ කොම්පැනියේ හෝ සල්ලි.
    .lk වසම් අධිකාරය පුද්ගලික කොම්පැනියක්.

    ලක්ස් සබං කොම්පැනිය "ලංකාවෙ ලස්සනම කෙල්ල මෙයා" කියල, ලක්ස් කොම්පැනිය තීරණය කරන නිර්ණායක අනුව නම් කිරීමක් කරන්නෙ, අන්න ඒ වගේ. තමං ගෙ ඡායාරූපය ලක්ස් දවටනයක් සමඟ එවන යුවතියන් අතරින් එහෙම ලස්සන කෙනෙක් ‍තෝරලා ලක්ස් කොම්පැනිය නම් කිරීමක් කරන කොට, ඔයා යනවද ඒකට විරුද්ද වෙන්න, ලස්සන වෙන්නෙ ලක්ස් සබං කොල එවන කට්ටිය විතරද කියල අහං? එහෙම කියන්න කවුදා ඔයාලට බලය දුන්නෙ කියලා අහනවද?


  16. @ Uraj Deemantha
    මොකද මේ 'බස් වැද්දා' යන යන තැන එළකිරි ඩොට් කොම් වලට *ක දෙන්නේ. ඌ හිතාගෙන ඉන්නෙ එළකිරි කියන්නෙ ගූගල් කියල වෙන්න ඇති.


  17. කොන්ද පණ නැති එකෙක් උන්මත්තකගේ බ්ලොගයට පැන කමෙන්ටුවක් යොදා ඇති බව පෙනේ. ඒ මහත්මයාට බෙන්ස් කාර් එකක් ඇති. අනේ අපිට නම් එච්චර සල්ලියක් නෑ. එළකිරි කුමක්ද යන්න මට පහදා දුන්නාට ඔබට තුති.


  18. anonymous, "මොන ජාතියෙන් හරි, .lk වසම් අධිකාරය පෞද්ගලික කොම්පැනියක්. එයාල සල්ලි වියදම් කරල තරඟ තියනකොට, මොන මොන කොන්දේසි ද දන්නෙ කියන එකත් එයාලගේ අයිතියක්. ඔයාගෙ හරි, පොදුවෙ මහජනයාට අයිති සල්ලි හරි නෙවෙයි නෙ එයාල වියදං කරන්නෙ. එයාලගේ සල්ලි. කොන්දේසිත් එයාලගෙ."

    එයාලා වියදම් කරන්නෙ එයාලගේ සල්ලි? විකාරද ඔහේට. අනුග්‍රහ කරල තියෙන්නෙ ICTA එකෙන් ඒ කියන්නෙ වියදම් කරන්නෙ ණයට ගත්තු සල්ලි. ඒ සල්ලි ආපහු ගෙවන්නෙ ගිහාන් ඩයස් මහත්තය නෙවෙයි. රටේ ඊළඟ පරම්පරාව.
    මේ නිකමට අහන්නෙ ඔබතුමා .lk වසම් අධිකාරියෙ නෙවෙයි නේද වැඩකරන්නෙ.


  19. Anonymous Says:

    ඇයි සම්මාන උත්සවේ බලන්න එන අයගෙන් ගන්න 3500ය. ඕක සල්ලි දීලා බලන්න එන්නෙත් ඉතිං එක්කෝ සම්මාන ගන්න එවුන්ගෙ කවුරු හරි නැත්තං සහතික ගන්න යන එවුන් මිසක් ගිහාන් මහත්තයා සල්ලි දීලා ‍යන එකක්යැ. හැබෑටම ස්පොන්සර්ස්ලා ස්පොන්සර් කලේ තර‍ගෙටද නැත්තං ගිහාන් මහත්තයගෙ සාක්කුවටද?


  20. Anonymous Says:

    Since all the big guns fired yesterday I thought of making my own background investigation about the things happened. The things I have found are stunning and few important facts are stating as follows.
    Myblog.lk had an intention of winning in the best web competition. If it wasn’t that, I can’t understand why they have entered to the competition in the first place. As I feel, if organizing committee agreed to give you a free ticket then you will not regret to attend this event.

    A co-blogger has observed a bitter experience during his visit to University of Moratuwa. (Which is not required to write here…?)

    As I heard, ICTA are no longer financial sponsors of this event. They did not provide financial aid to this competition and now this event is handled with a limited budgeting….. (Now ICTA logo is removed from this compaction sponsorship page)

    It was not mention about an award or certificate ceremony in the initial competition policies.

    Prize winners in each category got free tickets and the certificate holders are the people who were asked to purchase tickets due to limited budgeting.

    I have one advice for Myblog.lk; please don’t enter in to this kind of competition in the first place if you’re intentions don’t adhere with the conditions.

    Gerom De Mel


  21. Gerom De Mel,
    Myblog.lk had an intention of winning in the best web competition.
    තරඟයට ගියපු හැමෝම දිනන්න කැ‍මැත්තෙන් ඉන්න ඇති ඒකෙ වාදයක් නෑනෙ ඔයාට ඒකෙ අමුතු මැජික් එකක් පේනවද?. ජයපරාජය ලැබීම වෙනම දෙයක්.

    if organizing committee agreed to give you a free ticket then you will not regret to attend this event.
    අනුමාන කරන්න දෙයක් නෑ ඒක තමයි සංසදයේ නිල ප්‍රකාශය කියල නිකුත් වෙච්ච එකෙන් කි‍යවුනේ. මම ඒ නිවේදනය මගේ බ්ලොග් එකේ නොදැම්මෙ ඒක සංසදයේ ඇඩ්මින්ලාගේ මතය මිසක් මගේ මතයනොවන නිසා.
    As I heard, ICTA are no longer financial sponsors of this event. They did not provide financial aid to this competition and now this event is handled with a limited budgeting….. (Now ICTA logo is removed from this compaction sponsorship page)

    හානේ කොච්චර දෙයක්ද? දැන්නම් තර‍‍ඟෙ ඉවරයිනේද? එනපොට හොඳනැතිවේගෙන එනකොට ICTA එකත් මාරු. අනේ පව් වසම් අධිකාරිය.
    I have one advice for Myblog.lk; please don’t enter in to this kind of competition in the first place if you’re intentions don’t adhere with the conditions.
    තරඟ නීතිරීති වල සහතික විතරක් තියෙන අයට සල්ලි දීලා එන්න කිව්වද? කෝ කෝ පෙන්නන්න බලන්න. දැන් නීතිරීති ටිකත් අකුලගෙන බයටම. අප්පොච්චියේ මෙහෙමත් විහිළු.