ඉහතින් දැක්වෙන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ උදාන වාක්‍යයයි. මතට තිත තබා ඇත/තබනවා කියා කීවද මත්‍දව්‍ය වලින් ලැබෙන බදු ආදායම ඉහල ගොස් ඇති බව කියැවේය. මතට තිත තබනවා තියා උත්සාහවත් කලා නම් බදු ආදායම් වැඩි වන්නේ කෙසේද? . මතට තිත තබනවා කියා කරන්නේ හොරෙන් පෙරන කසිප්පු ඇල්ලීමය. අවසානයේ සිදුවන්නේ මත්ද්‍රව්‍යද සුඛෝපභෝගී භාණ්ඩක් වීමය. විස්කි බ්‍රැන්ඩි කවදාවත් අල්ලන්නේ නැත. ඒවා මත්ද්‍රව්‍ය නොවන්නේද?. මත් / හෙළුවැලි සැනකෙළි සඳහා රජාඅනුග්‍රහය ලැබෙන්නේ අප මහාරාජෝක්තමයාණෝ දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන නිසාද?එපමණක් නොව දකුණු පළාත් සභාවේ නාමයෝජනා සඳහාද කුඩු මුදලාලිලාගේ නම්ද ඉදිරිපත්වී ඇත. එබැවින් තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් කුඩු අතුරුදන්වූවහොත් පුදුම විය යුතු නැත. මතට තිත එහෙමය.
හික්කා 2009 යනු වසරක් පාසා රජාඅනුග්‍රාහය ඇතිව පැවැත්වෙන මත්පැන්/ලිංගික සැනකෙළියකි. අරමුණ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයය. සංවිධානය සංචාරක අමාත්‍යාංශයෙනි.
"දොන් නම් දොං සිමං නම් සිමං දෙකක් එකපාර බැහැ... මේ රටේ සදාචාරයයි, සභ්‍යත්වයයි, සංස්‌කෘතියයි ඔක්‌කොම පටලවාගෙන සංචාරක කර්මාන්තෙ කොරන්න බැහැ... සුද්දො ගෙන්න ගන්න නම් උන්ට ඕන ඕන දේ දෙන්න ඕන. එහෙම නැතුව ලංකාවට සුද්දෝ ගෙන්න ගන්න බැහැ. මේ ලෝකෙ හරි විවෘතයි... එහෙම කරන්න ගියොත් සුද්දො ටික වෙන රටකට යාවි..."
දිවයිනට අනුව රජයන් එසේ කීවද හික්කා සඳහා වැඩියෙන් පැමිණෙන්නේ විදෙස් සංචාරකයන් නොව දේශීය සංචාරකයින් බව තතු දන්නෝ පවසති. මෙයින්ද අති බහුතරය අවුරුදු 15-25 අතර නාගරික ඉහල පැලැන්තියේ කොල්ලො කෙල්ලෝය. බොහෝ දෙනා එන්නේ දෙමාපිය " ආශිර්වාදය " ද ඇතුවමය.බාල වයස්කාරයන්ට මත්ද්‍රව්‍ය පාවිච්චිය තහනම් වූවද හික්කා කොල්ලෝ කුරුට්ටෝ මත්වන්නේ ආරක්ෂක අංශ සපයන ආරක්ෂාවද මධ්‍යයයේය. මැති ඇමතිවරුන්ද සහභාගී වූ බවට කණින් කොනින් ඇසේ. කෙසේ වූවද පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් සීගිරිය ආශ්‍රිතව හෝටලයක් කරන්නටත් රෑට රෑට එහි බාල් නටන්නටත් එහි සේවිකාවන්ට අර "සීගිරි අප්සරාවන්ට සේ ඇඳුම් අන්දවන්නටත් ඕනෑකීවේත් ඒ අනුව කල්පනා කරමින්..."බවට චෝදනා කලේද දැන් රට කරවන අප මහ රජ්ජුරුවන්නේ පක්සයයි. එය එසේ වූවද මේ ආණ්ඩුවේද හික්කා සම්බන්ධ ප්‍රතිපත්තිය නම් පසුගිය ආණ්ඩු සේම බව ලැබී තිබෙන රාජ්‍ය අනුග්‍රහයෙන් තහවුරුවේ. සීගිරි සදාචාරය පිළිබඳව උද්ගෝෂණ කල චීවරදාරීන්ද දැන් පෝය දවසට අරලිය ගහමැදුරට "වැඩ" "මතට තිත තැබූ, කාම චිත්තරපටි තහනම් කල අපේ රජ්ජුරුවෝ" යනුවෙන් අර්ථයෙන් දහම් දේසනා කරන්නේ කිසිදු හිරිකිතයක් නැතිවමය. කාම චිත්‍රපටි තහනම් කිරීමෙන් තම ජීවනෝපාය අහිමි වූ එක් කතකට පොල් පිත්තක් තිබ්බත් දිනන මැතිවරණයකට නාම යෝජනා ලබාදී පිං පඩියක් සෙට් කරදීමට අප මහ රජාණෝ කාරුණික වී ඇත.
මතට තිත තවත් මෝඩ ජෝක් එකක් වන්නේ රූපවාහිනියෙන් මත්ද්‍රව්‍ය පෙන්වීමේදී කොටු කොටු දාන්න පටන් ගත්තාට පසුවය. එසේ වුවද දැන් සිදුවන්නේ මත් පැන් වඩියක් කටේ හලාගන්නා විටම කොටු දමා "රස නොමරා රස විඳින්න " යනුවෙන් සෝඩා ඇඩ් එකකට ඉඩකඩ සැලීමෙන්ය.
මෙය සදාචාරවාදී බ්ලොග් ලිපියක් ලෙසට කෙනෙකුට පෙනෙන්ට පුළුවන. මෙහිදි සදාචාරය ප්‍රශ්ණ කරනවාට වඩා මගේ අරමුණ වූයේ රටේ සදාචාරවත් පාලනයක් තිබෙන බවට සිහින දකිනා ෆැන්ටසිකාරයින්ට ටොක්කක් ඇනීමය.

හෙලුව කියන්නේ සුන්දර දසුනක් මිස කුනු බිත්තරයක් නොවේ ඔබත් හෙලුව ඉදිරියෙ බලුකුක්කු මිස සිංහයකු නොවන බව සිහි තබා ගතයුතුය මහ රජ
'Wayaba withthi"ඔයා පටලවගෙන, එයා කියන්නෙ ඒක නෙවෙයි. දේශනාවේ සහ කෙරුවාවේ තියන පරස්පර භාවයයි.
මෙවැනි මාතෘකාවක් ඉතාමත් පහසුවෙන් වරදවා වටහා ගත හැකියි.
ප්‍රවේශමෙන් නමුත් අනිවාර්යෙන්ම කතා කල යුතු දෙයකි.
lets us all reflect on the girls and boys who participated for hikka 2009. almost all of them were posh doods and dudets. i saw lately some local father talk about these girls and boys like this " අපේ ලංකාවේ දූලා පුතාලා ". now he thinks these boys and girls are just the same as his sons and daughter. the thing is they are not. they are vastly different. there inside is 85% american and rest is sri lankan and other. even though they live in sri lanka, they are actually like tourists youn know. but they too are a part of this culture. a sub culture . and we should respect, understand that and accepthat. we cannot judge what happens inside that sub culture by from a different culture's point of view...
කතන්දරේ පැහැදිලිනෙ මම හිතුවා උඹත් සංකෘතික පොල්ස් කාරයෙක් වෙන්න හදනවද කියලා.. සංකෘතිය කනවට වඩා ප්‍රශ්ණ කරන්න ඕනි රජතුමගේ කෙරුවාවයි කියවිල්ලයි අතරෙ තියෙන පැහැදිලි පරස්පරය මේකට ඉතින් මහරජතුමාගෙ ක්‍රමය එක්ක බුදියගන්න මහාදේශප්‍රේමීන්ටනම් ටිකක් අමාරුවෙයි... ඒත් කර්න්න දෙයක් නෑ කතා කරන්න තියෙන දේ කතා කරන්නම වෙනවා...
LazyOwl,
ඔයා හිතුවා හරි
chamila_dealwis, ඔව් වරදවා වටහා ගත හැකියි. එහෙත් අනිවාර්යයෙන්ම කතා කලයුතුයි.
විකටය, කඩු පයිට් බෑ මචං. මට එච්චර තේරෙන්නෙ නෑ ඕව.
ගෝමස්, පවතින ක්‍රමෙත් එක්ක බුදියන එවුන් මේවා දැකල දැක්කෙ නෑ වගේ ඇස්දෙක වහගෙන හිමීට බ්‍රව්සරේ ක්ලොස් කරල දානවා. පව් ඉතිං මොනා කරන්නද?.