ගඟක් නම් අපෙ ප්‍රේමයත්
විටෙක උතුරා යන,
විටෙක සිඳී යන,
විටෙක ගලා හැලෙන.
දිනෙක දුක් විදිමු,
පසු දිනම හිනැහෙමින්,
බාධා අපමණයි,
එකින් එක එකින් එක,
ජය ලබා සිනහ වෙමු.
ගගක් වැනි,
මහ සයුරම සෙයා යන.
විටෙක සිඳී යන,
විටෙක ගලා හැලෙන.
දිනෙක දුක් විදිමු,
පසු දිනම හිනැහෙමින්,
බාධා අපමණයි,
එකින් එක එකින් එක,
ජය ලබා සිනහ වෙමු.
ගගක් වැනි,
මහ සයුරම සෙයා යන.
ආදර උන්මත්තක මේ දවස්වල ෆුල් හැපි මූඩ් එකේ ඉන්නේ. මගේ ආදර application එකට approval එක ලැබුනා. සෑහෙන්න කාලයක් බලාගෙන හිටියා ඔය දවස එනකල්. ඒ පැත්තේ දෙමාපියනුත් දැනුවත් කලා. පස්සේ ගෙදරට මාට්ටුවෙලා හිත් රිදවීම් ඇතිකරගන්නවට වැඩිය ඒක හොඳයි නෙව. නැන්දම්මා නම් ෂේප් මාමා නං ටිකාක් විතර බරබරේ දැම්මා. දැන් නං සේරම නියුට්‍රල්. අම්මයි තාත්තයි නම් මුනගැහුනා. මස්සිනා පොඩ්ඩ තමයි තාම බලාගන්න බැරිඋනේ. පහුගිය කාලේ දෙන්නගේ ලව් එකට හරියට කරදර ආවා කවදාවත් නොහිතපු විදියට. කාලෙකට පස්සේ හරියට හිනා උනේ අද තමා. යාන්තං ඇති සේරම ගොඩ. දැන් ඉතිං මගේ පැත්ත තමා ගොඩ දාගන්න තියෙන්නේ.

එළ එළ! ජයවේවා!
ඔන්න එහෙනං දෙන්නාටම මගෙන් උණුසුම් සුබපැතුම්! :)
ජයවේවා කියල මමත් පතනව !
මගෙන් සුබ පැතුම්
අම්මපා තෝ අපිට කිව්වේත් නෑනේ බෝල! අඩුම තරමේ බාල්දි වැටෙන කාලේදී?
කොහොමවුණත් සහෝදරයා...
හැමදාම වගේ මම උඹලා දෙන්නට බොක්කෙන්ම සුභ පතනවා! ජය වේවා!
එළ මචා එළ... ඔය තියෙන්නේ වැඩ... කෑවැයි...
පෝස්ට් එක දැක්කේ පහුවෙලා.ඒත් හදවතින්ම දෙන්නටම සුභ පතනවා.දැන් අපිට සංග්‍රහයක් එහෙම ලෑස්ති කරන්නැද්ද ඉතිං?
සුභපැතුම්!
මෙච්චර කල් ආදර උන්මත්තක නමින් පෙනී හිටියෙ ආදරේ පැරදෙයි කියලා බයේ වෙන්නැතිනෙ...
දැන් ඔක්කොම හරිනෙ.. දැන්වත් ඇත්ත නමින් ලියමුද?
සුභපැතුම්!
මෙච්චර කල් ආදර උන්මත්තක කියලා අනුවර්ත නමකින් ලියන්න ඇත්තෙ කවදහරි ආදරේ පැරදුනොත් කියලා බයේ වෙන්නැතිනෙ..
දැන් ඉතිං ඔක්කොම හරිනෙ.. දැන්වත් ඇත්ත නමින් ලියමුද?
@පහන්
ආදරේ පරදිනවා නං මෙහෙම ලියන්නෙ නෑ යාළුවා. මට ඕන වෙලාවට මම ඇත්ත නමින් ලියන්නං. උඹ එන්න එපා මගේ ජාතකය හොයාගෙන.
@උන්මත්තක
මේ උඩ තියෙන ඔය පහන් කියල දාලා තියෙන කමෙන්ට් මම දාපුවා නෙවෙයි