උන්මත්තක
ම‍ගේ බ්ලොග් ලිවිල්ල නොරුස්සන පිරිසක් බ්ලොග් අවකාශයේ ඇතිවී තිබේ. මුලින් පොඩි පොඩි ගොන් පාට් වලින් පටන් ගෙන දැන් එය මා වෙනුවෙන් කුණුහරුප ප්‍රතිචාර යොදනා තරමටම මර්ධන අවශ්‍යතාවය දරුණු වී තිබේ.
මේ එම ප්‍රතිචාර යෙදූ බ්ලොග් සටහන් දෙකයි.
මලී ලියූ "මගේ වීර ක්‍රියා - 11.04.2009"
ආගන්තුකයා ලියූ දේශද්‍රෝහියා..."(මෙහි කමෙන්ට් තීරුවද නිර්නාමිකයන් ඩෙගා නටන තැනක් වී ඇත.)
මේ බ්ලොග් දෙකටම මා කලින් ප්‍රතිචාර එකතු කල නිසා comment notification එක ලැබුණි.
මා ප්‍රතිචාර එකතු කරන්නේ blogger ID එක හරහා පමණක් වන අතර උද්ගතවූ තත්වය හේතු කොටගෙන wordpress අඩවි සදහා ප්‍රතිචාර එක්කිරීමද නවතා දමමි. blogger ID නොවන අනන්‍යයතා සමඟ උන්මත්තක නමින් යෙදෙන කමෙන්ට් පිළිබඳව මා දැනුවත් කරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
අවසාන වශයෙන් බ්ලොග් සහෘදයෙකුගේ අදහසක් මෙසේ ලියාතබමි.(මෙය දුටුවේ කොහේදීද ,ලිව්වේ කව්ද යන්න මට මතක නැත)
"කරුණාකර අදහස්වලට අදහස්වලින් පහර දෙන්න"
වර්ගය: , | edit post
කොහොමද ලියුම?: 
9 Responses
  1. තවත් එකක් තියෙනවා.
    http://pissa-pissublog.blogspot.com/2009/05/blog-post.html


  2. http://abnormalminds.blogspot.com/2009/05/blog-post_19.html


  3. ඩුප්ලිකේට් කුඩුලාල් Says:

    මේ සෑර්, නිකං මොන්ටිසෝරි ගිය හුලිජ්ජ කොලුවා වගේ සෑර්ගෙ පුරස්නයි, සෑර්ට වෙච්ච ලමා-බාල වැඩ ගැනයි කියවන්නේ නැතුව ලියනවකො නැගල යන එකක්. මේ පෝස්ට් එකත් නිකං ගරිල්ල මාකටිං පාරක් වගෙ...අනික අර මකයගෙ වචන නයට ගන්න එපා සෑර්. ..මොකද සෑර්ට එවා හරියට පාවිච්චි කරන්න බැහැ..බැලුවම් ඇත්තටම සෑර්ට ටිකක් මඤ්ඤං නේද??


  4. ඩුප්ලිකේට් කුඩුලාල් ,ඉතිං උඹත් ලියහං‍කෝ උඹට වෙන වැඩිහිටි-උසස් වැඩ ගැන. ලසන්ත ලසන්තටම වෙඩිතියාගත්තා වගේ කතාවක්ද බං මේකත්?
    ආ...මේ ණයට ගත්තු නිසාද පුරස්නේ ඇතිවෙලා තියෙන්නේ.
    මං හිතුවේ මට විතරයි මඤ්ඤං කියල. දැන් බැලුවාම මටත් වඩා මඤ්ඤං උඹ වගේ එවුන් ඉන්නවා.


  5. උන්මත්තක ,,,, මල්ලි මම උඹේ නමින් මගේ බ්ලොග් එකේ තිබුනු කමෙන්ට් එක ඩිලීට් කරා...


  6. මෝඩ යක්කු අපේ රටේ ඉන්නේ.පහත් රුචිකත්වයක් ලබන මොට්ට රැලක් බිහිවීම ගැන ඉතා කණගාටුදායකයි.මොකා කලත් වැඩේ බලුයි.ලස්සනට කෙරෙන මෙ බ්ලොග් කලාව කන්න ඉස්සෙල්ල මොකක් හෝ ක්‍රීයාමාරිගයක් ගත්තොත් හොදයි නේද???


  7. Anonymous Says:

    @ ඩුප්ලිකේට් කුඩුලාල්
    මකයාගේ රස්සාව බ්ලොග් අවකාසේ ඌට හිතිච්ච උන් අයින් කරලා දාන එකද බං?


  8. Anonymous Says:

    මෝඩ යක්කු අපේ රටේ ඉන්නේ.පහත් රුචිකත්වයක් ලබන මොට්ට රැලක් බිහිවීම ගැන ඉතා කණගාටුදායකයි.මොකා කලත් වැඩේ බලුයි.ලස්සනට කෙරෙන මෙ බ්ලොග් කලාව කන්න ඉස්සෙල්ල මොකක් හෝ ක්‍රීයාමාරිගයක් ගත්තොත් හොදයි නේද???


  9. http://myresignation1.blogspot.com/